කොහොමද දැනගන්නේ?
Engine oil කල් ඉකුත් වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ක්‍රම 4ක් තියෙනවා.
1. කල් ඉකුත්වන දිනය
2. තෙල් වල වර්ණය
3. පෙනුම
4. දියරමය ස්වභාවය (Consistency)
කල් ඉකුත්වන දිනය
Engine oil expire වෙලාද කියලා බලාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි බෝතලයේ සඳහන් වෙන කල් ඉකුත් වීමේ දිනය.
ගොඩක් Engine oil brands වල ආයු කාලය අවුරුදු 5ක් පමණ වෙනවා.
සමහර කෘතීම මිශ්‍ර කර සාදන Engine oil අවුරුදු 7-8 ක් ප්‍රමණයක් වුණත් භාවිතා කරන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඔයා අලුතෙන් Engine oil බෝතලයක් මිල දී ගන්නවා නම් අනිවාර්යෙන්ම expire date එක බලන්න අමතක කරන්න එපා.
පාට වෙනස් වෙලාද?
හොඳ තත්ත්වයේ Engine oil ඇම්බර් පැහැයෙන් තමයි බලාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි තෙල් ඉතා අඳුරු සහ මඩ සහිත බවක් පේනවා නම් බොහෝ විට එය ඔක්සිකරණය වෙලා තියෙන්න පුලුවන්. කල් ඉකුත් වෙන්න තව දවස් තිබ්බත් Engine oil වල පැහැයේ වෙනසක් තියෙනවා නම් ඒ තෙල් වර්ගය භාවිතයට සුදුසු වෙන්නේ නම් නැහැ.
පෙනුමේ වෙනසක් තියෙනවද?
Conventional සහ synthetic Engine oil වර්ග දෙකම පැහැදිලි සහ විනිවිද පෙනෙන පැහැයකින් තමයි යුක්ත වෙන්නේ. භාවිතයට සුදුසු Engine oil කිරි පැහැයක් හෝ මීදුම ආකාරයට දිස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකාකාර ලෙස ගලා යෑමත් සිදු වෙන්න ඕනේ.
දියරමය ස්වභාවය වෙනස්ද?
Engine oil සිහින්, සිනිඳු සහ තරමක් දියර ස්වභාවයකින් යුක්ත වෙන්න ඕනේ. එය ඉතා ඝන හෝ සෙවල වැනි බවක් පෙනෙන්නට තියෙනවා නම් බොහෝ විට තෙතමනය හේතුවෙන් කල් ඉකුත් වීමට ලක් වෙලා තියෙනවා.
ඉතින් මේ විදියට තමයි අපිට Engine oil expire වෙලාද නැද්ද කියලා බලාගන්න පුලුවන් වෙන්නේ. ඔයත් Engine oil භාවිතා කරනකොට CarsGuide අද කියලා දුන්න කරුණු ගැනත් අවදානය යොමු කරන්න අමතක කරන්න එපා.